ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සමීපව නිරීක්‍ෂණය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි

නොවැම්බර් 06, 2020

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ස්වයං නිරෝධායනය පිළිබඳව දැඩි ලෙස අධීක්‍ෂණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊයේ (නොවැ. 05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති COVID - 19 වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ දිනපතා රැස්වීමේදී ජනාධිපති රාජපක්‍ෂ මහතා මෙම නියෝග නිකුත් කළේය.