නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක පිරිසක් නාවික හමුදා භාරයට

නොවැම්බර් 07, 2020

උතුරු මැද සහ වයඹ නාවික විධානයන් මගින් සිදුකල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය මගින් වලෙයිපාඩු ලොක්කන්නවඩි වෙරළ තීරයේත්, නච්චිකුඩා ප්‍රදේශයේ සහ මන්නාරම කොන්තම්පිඩ්ඩි ප්‍රදේශයේත් සිදුකල මෙහෙයුමකදී ධීවර යාත්‍රාවන් 05ක් තුල තිබී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1544ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වූ බව නාවික හමුදාව පවසයි.

මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19ත් 58ත් අතර වයස්වල පසුවන මන්නාරම වලෙයිපාඩු, යාපනය, නච්චිකුඩා සහ අරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

නාවික හමුදාව විසින් ධීවර යාත්‍රාවන් 05 ක් සමඟ පුද්ගලයින් 21 දෙනෙක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත .

තවද, පොලීසිය සමඟ එක්ව තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස අල්ලන ලද තම්බා තිබූ මුහුදු කූඩැල්ලන් 63ක් සමඟ එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමටද නාවික හමුදව විසින් කටයුතු කර ඇත .

තවද, වයඹ නාවික විධානය මගින් අරිප්පු නැගෙනහිර වෙරළ තීරයේත්, කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිට අරිප්පු දක්වා වූ මුහුදු තීරයේත් සිදුකල ‍‍‍‍‍‍‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 19 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 642ක ප්‍රමාණයක් සහ ඩිංගි යාත්‍රා 04ක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

සැකකරුවන්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ධීවර යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පොලීසිය හා ධීවර පරීක්‍ෂකවරුන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මෙහෙයුම් සිදුකළ බව නාවික හමුදාව තහවුරු කරයි.