ධීවර යාත්‍රාවක හට ගත් ගින්න නාවික හමුදාව විසින් නිවීමෙන් අනතුරුව ආරක්ෂිතව වෙරළට ගෙන එයි

නොවැම්බර් 08, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (නොවැ. 07) දකුණු මුහුදෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක ඇතිවූ ගින්න නිවා දමා ආරක්ෂිතව වෙරළට ගෙන එන ලදි.

අම්බලන්ගොඩ ධීවර වරායෙන් පිටත්ව ගිය මෙම අනතුරට ලක්වූ ට්‍රෝලර් යාත්‍රාව කොග්ගලට ඔබ්බෙන් වූ මුහුදේදී ගින්නක් හටගෙන තිබේ.

මුර සංචාර රාජකාරී සඳහා දක්ෂිණ නාවික විධානයෙන් පිටත්ව ගොස් තිබූ යාත්‍රාවක් ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති බව නාවික හමුදාව පවසයි.

තවද වේග ප්‍රහාර යාත්‍රාවක්  එම ස්ථානයට පැමිණ පීඩාවට පත් යාත්‍රාව ආරක්ෂිතව ගාලු ධීවර වරායට ගෙන එන ලද අතර, ධීවරයින්ට කිසිදු හානියක් නොවු බව වාර්තා නොවීය.