මනිපායි ප්‍රදේශයේ අත්හැර දමා තිබු දේව ප්‍රතිමාවක් මනිපායි පොලිසිය විසින් සොයා ගැනේ

නොවැම්බර් 09, 2020

අත්හැර දමා තිබු අඟල් 7 ක් උස දේව ප්‍රතිමාවක් , පීෆෝල් පිළිම තුනක් සහ හඳුනා නොගත් ලෝහ උපකරණ යාපනයේ මනිපායි හි චන්කානායි කෝවිල අසල මල්ලක දමා තිබිය දි මනිපායි පොලිසිය විසින් ඊයේ (8) සොයාගෙන තිබේ.

අතහැර දමා තිබු භාණ්ඩ පිළිබඳ තොරතුරු  ලැබීමත් සම ඟ චන්කනායි හි යුධ හමුදාවේ 11 වන පාබල රෙජිමේන්තුව විසින් මනිපායි ප්‍රදේශීය පොලිස් බලධාරීන්ට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මනිපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.