පුද්ගලයන් 64,075 ක් මේ වන විට නිරෝධායනය සම්පූර්ණ කර ඇත.

නොවැම්බර් 10, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව ඊයේ (09) හඳුනාගෙන ඇති කොරොන වයිරස් ආසාධිත සංඛ්‍යාව 356 ක් සමඟ ශ්‍රී ලංකාවේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 14,285 දක්වා ඉහළ ගොස් තිබේ.

COVID -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ හඳුනාගෙන ඇති අසාතධිත 356 දෙනාම දේශීය අය බවයි.

නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු පුද්ගලයින් 64,075 ක් ආපසු සිය නිවෙස් වෙත ගොස් ඇති අතර, මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 10,807 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 1,041 ක් ඇඟලුම් කර්මාන්ත කාර්ය මණ්ඩලයේ අය වේ.

අද (10)වන විට හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 27 ක පුද්ගලයින් 2,362 ක් හුදෙකලා කර ඇත.

ඊයේ (09) සිදුකරන ලද PCR පරීක්ෂණ 7,986 ක් සමඟින් රට තුළ සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 610,836 ක් බව වාර්තා වේ.