යුධ හමුදාව ග්‍රාමීය ප්‍රජාවට වසංගත වැළැක්වීමේ ක්‍රමවේද දැනුවත් කරයි

නොවැම්බර් 10, 2020

අනවිලන්දන්කුලම් හි ප්‍රදේශයේ ප්‍රජාව වසංගත වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර් වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 652 බලසේනාව විසින් මෑතකදී දියත් කරන ලදී.
 
වසංගත වල අහිතකර බලපෑම් සහ එය සාමාන්‍ය සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න  වැඩසටහනේ අරමුණ විය.
 
අක්කරයාන්කුලම්, අනවිලන්දන්කුලම්, කොනාවිල්, ස්කන්දපුරම් සහ යුනියන්කුලම් යන දුර බැහැර ප්‍රදේශ ආවරණය වන පරිදි සමස්ත වැඩසටහන ආවරණය කර තිබුණි.
 
ඉලක්කගත ප්‍රේක්ෂකයින් හට විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරිමට අවස්ථාව නොමැති අය වේ.

652 බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පෙරේරාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ප්‍රදේශයේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද පෝස්ටර් ද බෙදා දෙන ලදි.