මිලියන 31 අධික වටිනාකමක් සහිත කේරල ගංජා ශ්‍රි ලංකා නාවික හමුදා භාරයට

නොවැම්බර් 11, 2020

ශ්‍රි ලංකා නාවික හමුදා උතුරු නාවික විධානය විසින් සිදුකරනු ලැබු විශේෂ සෝදිසි මෙහෙයුමකින් කේරල ගංජා කිලෝ 100 අධික ප්‍රමාණයක්  (නොවැම්බර් 10) මාදගල්තුරෙයි දී අත්අඩංගුවට ගන්නා ලදි.

සැකකටයුතු ලෙස අතහැර දමා ගොස් තිබු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරිමේදී ශ්‍රි ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් මෙම ගංජා තොගය අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික හමුදා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මග හැරීම සඳහා හිතාමතාම ඩිංගි යාත්‍රාව අතහැර දමා ගොස් තිබුණි.

මෙම සෝදිසි මෙහෙයුමෙදී බෙදාහැරිම සඳහා සුදානම් කර තිබු ගංජා ගෝනි හතරක් සොයාගෙන ඇත.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරික්ෂණ මේ වන විට ක්‍රියාත්මක  වෙමින් පවතින බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.

මේ අතර,  උතුරු නාවික විධානය මඟින් සෝදිසි මෙහෙයුම් දෙකක් සිදුකල අතර, එහිදි පුතුකුඩිඉරිප්පු, ඉරුකුලම්පිඩ්ඩි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි ජාවාරම්කරුවන්  03 කු සමඟ කේරල ගංජා කිලෝ 05 ක් සහ ග්රැම් 907 නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මන්නාරම සහ තොඩ්ඩවේලි ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම් වලදී තවත් නීති විරෝධි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 04 ක් සහ මිලිග්‍රෑම් 650 ක්  සමඟ අත්අඩංගුවට ගන්නා ලදි.

තවද, ශ්‍රි ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මොණරාගල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් එක්ව තණමල්විල කුඩාඔය ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝ 03 ග්‍රෑම් 600ක පමණ ප්‍රමාණයක්  සමඟ තවත් සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලදි.

මේ අනුව අත්අඩංගුවට ගන්නා ලද සම්පුර්ණ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 31 ක වඩා අධිකය.

ඒ අනුව, කේරළ ගංජා කිලෝ 106 කට වැඩි ප්‍රමාණයක් සහ නීතිවිරෝධී ව්‍යාපාරයට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අඛණ්ඩව සිදුකරන උතුරු මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි, තාරපුරම් සහ කුඩාඔය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර 19 සහ 56 වයසේ  පසුවන්නන් වන බව සොයා ගෙන ඇත.

මෙසේ  අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්  ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීති බලධාරීන් වෙත භාර දී ඇති බව ශ්‍රි  ලංකා නාවික හමුදාව පවසයි.