නිරෝධායන මධ්‍යස්ථාන 28 ක පුද්ගලයින් 2,277 ක් හුදෙකලා කෙරේ
නොවැම්බර් 11, 2020අද (11) වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28ක පුද්ගලයින් 2,277 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව ඊයේ දිනයේදි (10) ආසාදිත රෝගීන් 430 දෙනෙකු හදුනාගැනීමත් සමඟ ශ්‍රි ලංකාවේ මේ වන විට වෛරසය ආසාදිත සමස්ථ රෝගීන් සංඛ්‍යාව 14,715 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේදී හදුනාගත් ආසාදිත රෝගීන් 430ක් දේශිය රෝගීන් බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කරයි.
නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 64,263 දෙනෙකු නැවත සිය නිවසේ බලා පිටත්ව ගියේය.
මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ රෝගීන් 11,237 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 1,041 ක් ඇඟලුම් කර්මාන්තයේ කාර්ය මණ්ඩලයට අයත් වේ.
ඊයේ සිදුකරන ලද පීසිආර් පරීක්ෂණ 8,272 ක් සමඟ රට තුළ සිදුකරන ලද පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 619,108 ක් ලෙස සටහන් වී ඇති බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙරට වෛරසය ආසාදිතව මරණයට පත් වු සංඛ්‍යාව 41 කි.