ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවා වැසි - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නොවැම්බර් 11, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අද (නොවැ. 11) නිකුත් කරමින් කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දහවල් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සහ  දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක උදේ වරුවේ  වැසි ඇතිවිය හැකි බවයි.  

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ උතුරු පළාත්වල සමහර ස්ථානවල මිලිමීටර 100 ට වඩා අධික වැසි අපේක්ෂා කළ හැකි බව වාර්තාව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කාලගුණ වාර්තාවට අනුව ඇතැම් විට උතුරු හා දකුණු මුහුදු ප්‍රදේශවල දිවයිනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේදී දිවයින අවට අනෙකුත් මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගාල්ල  සිට ත්‍රිකුණාමලය දක්වා කොළඹ, මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදිගින් වේ. සුළං වේගය පැයට කිලෝමීටර 30-40   වන අතර ඇතැම් විට 50 දක්වා වැඩි විය හැකිය. සුළං දිශාවට වෙනස් වන අතර දිවයින අවට අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට  කිලෝමීටර 20-30 අතර වේ.

සමුද්‍රීය කාලගුණ වාර්තාවෙන් කියැවෙන්නේ ගාල්ල  සිට කන්කසන්තුරෙයි දක්වා කොළඹ සහ මන්නාරම හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි. දිවයින අවට ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශ සාමාන්‍ය  විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) සහ ඉතා රළු මුහුද අපේක්ෂා කළ හැකිය.