මඩකලපුවට ප්‍රාදේශිය 'කොවිඩ්-19' මෙහෙයුම් මධ්‍යස්ථානයක්

නොවැම්බර් 11, 2020

නැගෙනහිර ආරක්ෂක සේනා  මූලස්ථානයේ 23 වන සේනාංකයේ 231 වන බලසේනාව, කොවිඩ්-19 හා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවක් සපුරාලීම සඳහා පළමු කොවිඩ්-19 මෙහෙයුම් මධ්‍යස්ථානය මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවීම සඳහා සිය සහාය ලබා දිය .

මෙම මධ්‍යස්ථානය සඳුදා (නොවැ. 09) සිට ක්‍රියාත්මක වන අතර  සෞඛ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්ගේ නියෝජිතයින්, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ වෙනත් නිලයන් සහ තවත් වගකිවයුතු ආයතන කිහිපයක් එහි කාර්යය මණ්ඩලය ලෙස කටයුතු කරයි.

සමාරම්භක උත්සවයට මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ, ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සහ රජයේ නිලධාරීන් සහභාගී වූහ.