නොවැම්බර් 11 වන දින PCR පරීක්ෂණ 10,207 ක්

නොවැම්බර් 12, 2020

ඊයේ (නොවැම්බර් 11)  සිදුකරන ලද PCR පරීක්ෂණ 10,207 ක් සමඟ මෙරට සිදුකරන ලද PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 629,315 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (12) වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 29 ක පුද්ගලයන් 2,690 ක් නිරෝධායනය වන බවද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (11) හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 635 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,350 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් 625 ක් ස්වදේශිකයන් වන අතර ඉන් 10 ක් විදේශයන්ගෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන්ය.

මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 11,857ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයට  අනුව, රටේ කොරෝනා මරණ සංඛ්‍යාව 46 ක් වේ .