ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපිත කරයි

නොවැම්බර් 13, 2020

ශ්‍රී ලංකා යුද  හමුදාව සිය නවතම අංශය වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට  අනුයුක්ත 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ඊයේ (නොවැ 12) යුධ හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් එහි නිර්මාතෘවරයා වන  ආරක්ෂක ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කෙරිණි.   

ඩ්‍රෝන් රෙජිමේන්තුව ඉතා උසස් තාක්‍ෂණයෙන් යුත් කැමරාවලින් සමන්විත වන අතර එමඟින් කෙටි හා මධ්‍යම ප්‍රමාණයේ මෙහෙයුම් සිදුකළ හැකි නිරීක්ෂණ කැමරා ඇත.

මෙම රෙජිමේන්තුව වේගයෙන් වෙනස් වන තාක්‍ෂණික දියුණුව හා නව අභියෝග සඳහා යුද හමුදාව සූදානම් කරනු ඇත.

යුද තත්වයන්, ගංවතුර සහ වෙනත් ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, රසායනික යුද්ධ, කොවිඩ්-19 වැනි ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම වැනි අවස්ථාවලදී යුද හමුදාවේ මෙවැනි රෙජිමේන්තුවක වටිනාකම හා තාක්‍ෂණික වැදගත්කම ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේය.

නව රෙජිමේන්තුවේ ඩ්‍රෝන යානා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා පළමු ඩ්‍රෝන් යානය දියත් කරන ලදී.

මෙම අවස්ථාවට නව අංශය පිහිටුවීමට සහාය දුන් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ මංජු ගුණවර්ධන මහතා සහ ඩේසිස් ගුවන් අභ්‍යවකාශයේ නියෝජිතයන් දෙදෙනෙක්, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.