ඊයේ (12) දිනට PCR පරීක්ෂණ 10,111 ක්

නොවැම්බර් 13, 2020

ඊයේ (නොවැම්බර් 12)  සිදුකරන ලද PCR පරීක්ෂණ 10,111 ක් සමඟ මෙරට සිදුකරන ලද PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 637,122 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 අද (13) වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 30 ක පුද්ගලයන් 2,845 ක් නිරෝධායනය වන බවද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද  (13) හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 373 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,722 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් 373ක් දේශිය ආසාදිතයින්  වන අතර ඉන් 04 ක් විදේශයන්ගෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන්ය.

මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 12,226 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයට  අනුව, රටේ කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් වේ .

නියමිත හුදකලා කාලය අවසන් වන තුරු හුදකලා කලාපවල සංචරණය කරන්නන් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන් කැමරා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (12) නිවේදනය කළේය.

Sinhala.