ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වු තද වැසි - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නොවැම්බර් 14, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අද (නොවැ. 14) නිකුත් කරමින් කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවයි.  

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං හා අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

උතුරු, උතුරු-මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක ප.ව. 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තාවන් අනතුරු අගවයි.

දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කාලගුණ වාර්තාවට අනුව ඇතැම් විට උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවල දිවයිනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේදී දිවයින අවට අනෙකුත් මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ සිට පොතුවිල් දක්වා පුත්තලම, මන්නාරම, කන්කසන්තුරෙයි  හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිගින් වේ. සුළං වේගය පැයට කිලෝමීටර 30-40  වන අතර හලාවත, ත්‍රිකුණාමලය දක්වා පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 40 ක් දක්වා ඉහළ යා හැකි බව වාර්තාවේ දැක්වේ.

සමුද්‍රීය කාලගුණ වාර්තාවෙන් ප්‍රකාශ වන ආකාරයට හලාවත සිට ත්‍රිකුණාමලය දක්වා පුත්තලම දෙසටත්, මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) සහ ඉතා රළු මුහුද අපේක්ෂා කළ හැකිය.