සේරුවාවිල අක්කර 10 ක් යුද්ධ හමුදාව වී වගා කරයි

නොවැම්බර් 14, 2020

ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට සහය දක්වමින්, යුද හමුදාවේ 22 වන විජයබාහු පාබල රෙජිමේන්තු මඟින් කන්තලේ සේරුවාවිල හි දිගු කාල සිමාවක් අතහැර දමා තිබූ අක්කර දහයක භූමියක වී වපුරන ලදී.

සේරුවාවිල රජ මහා විහරස්ථානයේ විහාරාධිපති හිමිගේ ඉල්ලීමකට අනුව  එම විහාරයට අයත් මෙම භූමිය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරීය ගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් විසින් වී වගා බිමක් බවට පරිවර්තනය කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබු අතර,  22 විජයබාහු පාබල රෙජිමේන්තුව 'ජාතිය ගොඩනැඟීමේ' කාර්යයන්ගෙන් එකක් ලෙස අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්. රාමනායකගේ උපදෙස් පරිදි සිදුවිය.

සේරුවාවිල රජ මහ විහාරයේ විහාරධිපති, 22 වන සේනාංකයේ සේනාංකාධිපති, 222 බලසේනාධිපති, 22 වන විජයබාහු පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ගම්වැසියන් වි වැපිරීමේ උත්සවය සඳහා සහභාගී විය.