කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 11324 දක්වා ඉහළට

නොවැම්බර් 15, 2020

අද (නොවැම්බර් 15) පෙරවරුවේ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ  සංඛ්‍යා ලේඛනවලට   අනුව, කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ  මුළු සංඛ්‍යාව 11324 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 5206 ක් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබති.

තවද, ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 16583 ක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව 53 වේ.

රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට අනුව, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ  පොකුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13084 කි. දේශීයව හඳුනාගත් ආශ්‍රිතයින්  175 ක් ද මෙයට ඇතුළත් ය.

පසුගිය පැය 24 තුළ තවත් පුද්ගලයින් 389 දෙනෙකු වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අතර, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, කොවිඩ්-19 ආසාදිතයින්ගේ පළමු හා දෙවන සම්බන්ධතා ඇති පුද්ගලයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි.