කොක්එලිය යුද හමුදා භටපිරිස් පුපුරා ගිය වැව් බැම්ම අළුත්වැඩියා කර ව්‍යසනයක් වළක්වයි

නොවැම්බර් 16, 2020

වන්නි ආරක්ෂක සේනා  මූලස්ථානයේ   භටපිරිස්  විසින් පුපුරා ගිය උතුක්කුලම් වැව් බැම්ම මෑතකදී අලුත්වැඩියා කරන ලද අතර සිදුවීමට ගිය   විපතින් ප්‍රදේශය ආරක්‍ෂා කර ගැනීමට හැකිවිණි.

පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම වැවේ ජල මට්ටම ඉහළ ගොස් ජලය පිටාර ගැලීමේ මට්ටමට ළඟාවී තිබුණු අතර ඉන් වැව් බැම්මේ අඩි 15 ක් පමණ දිගින් යුත් ප්‍රදේශයක් හදිසියේ පුපුරා යාමේ අවධානමට ලක්විය. ඉන් ප්‍රදේශයේ වගා බිම් හා එළවළු අක්කර 74 ක් පමණ ප්‍රමාණයක් විනාශ වීමේ බරපතල අවධානමකට ලක්ව තිබුණි.

නෙදුන්කර්නි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, 563 වන බලසේනා බලප්‍රදේශයතුල පිහිටි 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට ඛණ්ඩ සමඟ එක්ව ඉකුත් සිකුරාදා (13) දින පුරා වෙහෙස නොබලා දියත් කරනු ලැබු ක්‍රියාන්විතයකින් පසු වැව් බැම්ම පිළිසකර කරසිදුවීමට ගිය එම විපතින් ප්‍රදේශය ආරක්‍ෂා කර ගැනීමට හැකිවිණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ 56 වනසේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත සෙබළුන් විසින්  ගම්වැසියන්ගේ සහාය ඇතුව වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබිණි.

56 වනසේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත ද ආබෲ , වවුනියා දිස්ත්‍රික් ලේකම් සහ අණදෙන නිලධාරී සෙබළුන්ට අවශ්‍ය සහාය  ලබා දුනි .