කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 11,806 දක්වා ඉහළට

නොවැම්බර් 17, 2020

ඊයේ සවස  (නොවැම්බර් 16) පෙරවරුවේ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ  සංඛ්‍යා ලේඛනවලට   අනුව, කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ  මුළු සංඛ්‍යාව 11806 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 17674 ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද, කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 5807 ක් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර  පුද්ගලයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

කොවිඩ්-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ (16) වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින්ගෙන් සහ පෑලියගොඩ  මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින්  සංඛ්‍යාව 13,780 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, පසුගිය පැය 24 තුළ මිනුවන්ගොඩ පොකුරෙන් 8,070 දෙනෙකු කොරෝනා වෛරසයෙන් සුවය ලැබ රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද කොවිඩ්-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය  තහවුරු කරයි.

ඊයේ (16) උදෑසන වන විට දෝහා  කටාර්, ඉතියෝපියාව සහ ජපානය යන රටවලින් පුද්ගලයින් 99 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ගුවන්තොටුපලේ නියමිත විධිවිධාන සපුරාලීමෙන්  පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

නොවැම්බර් 15 වන දින රට තුළ සිදු කරන ලද සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 11,130 කි.

මේ දක්වා ශ්‍රී ලංකාවන් වාර්තා වී ඇති කොරෝනා  මරණ සංඛ්‍යාව 61 කි.