එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා රණවිරුවන්ට සුබ පැතුම්

නොවැම්බර් 18, 2020

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්  සඳහා , ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ   ආරම්භක කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ   05 වන ගුවන් ඒකකයේ වාර්ෂික හුවමාරුව සඳහා පිටත්වන කණ්ඩායමට ඊයේ (17) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී උණුසුම් සුබ පැතුම් පිළිගැන්විණි .  

මෙම කණ්ඩායම වෛද්‍ය විශේෂඥයින් 4 දෙනෙකු, වෛද්‍ය නිලධාරීන් 4 දෙනෙකු සහ දන්ත වෛද්‍යවරයකු, අණදෙන නිලධාරියෙකු, පරිපාලන නිලධාරීන් 7 දෙනෙකු ඇතුළත් වන අතර   ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සෙබළුන් 41 දෙනෙකුත් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය, ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරන සෙබළුන් 9 දෙනෙකු ඇතුළත් අතර  දිවයිනෙන් පිටත්ව යන යුද්ධ හමුදාභට කණ්ඩායමට කර්නල් රොෂාන් ජයමාන්න අණදෙනු ලබයි.

නිලධාරීන් 14 දෙනෙකු සහ ගුවන් භටයින් 38ක් ඇතුළු 52දෙනෙකුගෙන් සමන්විත 6 වන කණ්ඩායම ගෘප් කැප්ටන්  දුලිප් හේවාවිතාරණගේ  නායකත්වයෙන් යුක්තව මෙහෙයුමට එක්වන බව ගුවන් හමුදාව පවසයි.

6 වන යුද්ධ හමුදා කණ්ඩායමේ  භටපිරිස් 2020 දෙසැම්බර් මස 8 වන දින මෙරටට පැමිණිමට නියමිතව ඇත. තවද, ඔවුන්ගේ පැමිණිමෙන් පසු ඉතිරි කණ්ඩායම 2020 දෙසැම්බර් මස 9 වන දින දකුණු සූඩානය බල පිටත්ව යාමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට  හමුදා දායකත්වයක් සපයන රටක් ලෙස පිළිගෙන ඇති ශ්‍රී ලංකාව අප්‍රිකානු මහාද්වීපය තුළ  දැක්වූ කාර්යභාරය හා දායකත්වය අගය කරන බව එක්සත් ජාතීන්ගේ ආරංචි මාර්ග සඳහන් කරන බව යුද හමුදාව පවසයි.

මෙම අවස්ථාවට වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද හමුදාවේ හා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් සහභාගී වූහ.