යුද හමුදාව එක් දිනක් තුළ නැගෙනහිර පළාතේ පැළ 100,000 ක් සිටුවයි

නොවැම්බර් 18, 2020

යුද හමුදාවේ නැගෙනහිර ආරක්ෂක සේනා  මූලස්ථානය විසින්  එක් දිනක් තුළ නැගෙනහිර පළාතේ දුර්ලභ  බීජ පැල 100,000 ක් රෝපණය කළේය. පවත්නා වැසි සමය මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා සුදුසු  පරිසරයක් ලබා දෙනු ඇත.

මෙම මෙහෙයුම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රජය සතු වනාන්තර ප්‍රදේශ වෙන් කර දී ඇති අතර මී, කුඹුක්, සියඹලා, කොහොඹ, තේක්ක, මහෝගනී ඇතුළු දේශීය පැළ 100,000 ක් ද  ලබා දුන් බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනාරල් චින්තක ගමගේ ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය ඉකුත් සිකුරාදා (13) දින ත්‍රිකුණාමලයේ 22 වන සේනාංකය, පූනානිහි 23 වන සේනාංකය , අම්පාරහි පිහිටි 24 වන සේනාංකය සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර විසින්  පැළ  සිටුවීමට දායක වූහ.

රුක් රෝපණ වැඩසටහනේදී සිටුවන ලද පැල රැකබලා ගැනීම අදාළ ප්‍රදේශවල යුද්ධ හමුදා භටපිරිස් සිදු කරනු ඇත.

සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සිවිල් බලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ද සහභාගී වූ අතර, මෙම ව්‍යාපෘතිය කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම වේදයන්ට අනුව පැවැත්විණි.

නැගෙනහිර ආරක්ෂක සේනා  මූලස්ථානය විසින්   වැඩසටහනේ දෙවන අදියර  ළඟදීම දියත් කිරීමට සැලසුම් කර ඇත.

දිවයින පුරා වනාන්තර ආවරණය වැඩි කිරීම සහ පරිසරය අලංකාර කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මෙම වැඩසටහන සිදු කෙරිණි.