මිලිමීටර 50 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නොවැම්බර් 18, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අද (නොවැ. 18) නිකුත් කරමින් කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දහවල් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල ද උදෑසන වැසි ඇති විය හැක.

දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව   පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල මිලිමීටර 50 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කාලගුණ වාර්තාවට අනුව ඇතැම් විට කන්කසන්තුරේ සිට පුත්තලම,කොළඹ,ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.දිවයින අවට අනෙකුත් මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇති වේ.

ගාල්ල  සිට පොතුවිල් දක්වා මාතර සහ හම්බන්තොට හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිගින් වේ. දිවයින අවට අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර දෙසින් වන අතර  දිශාව වරින් වර වෙනස් විය හැක. සුළං වේගය පැයට  කිලෝමීටර 25-35 අතර වේ.

සමුද්‍රීය කාලගුණ වාර්තාවෙන් කියැවෙන්නේ මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) සහ ඉතා රළු මුහුද අපේක්ෂා කළ හැකිය.