අඟහරුවාදා (17) PCR පරීක්ෂණ 8,743 ක්

නොවැම්බර් 18, 2020

ඊයේ (නොවැම්බර් 11)  PCR පරීක්ෂණ 8,743 ක් සිදුකර ඇති අතර හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 401 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුර තුළ තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 14,564ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (18) දින තහවුරු කරයි.

පසුගිය පැය 24 තුළ කොරෝනා මරණ 5 ක් වාර්තා වූ අතර, එම මරණ කොළඹ 10, කොළඹ  02, , රත්මලාන,  කිරුලපන සහ දෙමටගොඩින් වාර්තා විය.

වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව රටේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 66 ක් වන අතර මුළු ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 18,075 දක්වා ඉහළ ගොස් තිබේ.

අද (12) වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයන් 3,223 ක් නිරෝධායනය වන බවද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ආසාදිත පුද්ගලයින්ගේ පළමු හා දෙවන සම්බන්ධතා ලෙස හඳුනාගෙන ඇති 30,000 කට අධික සංඛ්‍යාවක්  ස්වයං නිරෝධායනය වන  බව ද එම වාර්තාවේ දැක්වේ.