අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නොවැම්බර් 18, 2020

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස එතුමා දිවුරුම් දී  අදට වසරක් ගෙවී තිබේ.

පසුගිය වසරේ (2019) නොවැම්බර් 18 වන දින ඓතිහාසික රුවන්වැලි  මහා සෑය පරිශ්‍රයේදී ජනාධිපති රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

අදට  (18) යෙදී ඇති  අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන්  සුභ පැතුම්

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා  ගරු    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  75 වන උපන්දිනය වෙනුවෙන් සෙත් පතා  අද (18)දින  නාරාහේන්පිට අභයාරාමයෙදී පැවති ආගමික උත්සවයකට සහභාගි විය.

මහින්ද රාජපක්ෂ මහතා රටේ 5 වන විධායක ජනාධිපතිවරයා විය. කුරිරු ත‍්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් රට නිදහස් කර සාමය, ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ කඩිනම්  ආර්ථික සංවර්ධනය සඳහා මාර්ගය  සකස් කළ ජාතික නායකයා ඔහු වේ.