ඉරිදා (21) PCR පරීක්‍ෂණ 12,095 ක්

නොවැම්බර් 23, 2020

ඊයේ සවස (නොවැ. 22) දින හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් 400 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,171 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශයන්හි සිට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයන් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (23) තහවුරු කළේය.

ඒ අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 27 ක් හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16,639 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 10,309 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඉරිදා (21) PCR පරීක්‍ෂණ 10,514 ක් සිදුකළ බව NOCPCO පවසයි.

පසුගිය පැය 24 තුළ රෝගීන් 4 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති අතර, එම පුද්ගලයින් බොරැල්ල, කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 15 යන ප්‍රදේශ වලින් වාර්ථා වේ.

ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අද වන විට ත්‍රිවිධ හමුදා මගින් කළමණාකරනය වන නිරෝධායන මධ්‍යස්ථාන 42 ක පුද්ගලයින් 4,501 ක් හුදෙකලා කර ඇති බව වාර්ථාවේ.