හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවන්නන් ආපදා සඳහා ඔවුන්ගේ සූදානම පෙන්නුම් කරයි

නොවැම්බර් 23, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය විසින් දින 40 ක් පුරා පැවති ආපදා කළමනාකරණ පුහුණු පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ආපදා සඳහා සිය පුහුණුව පිළිබඳ නිපුණතාව ඔවුන් ඊයේ (නොවැ. 22) කොත්මලේ දී ප්‍රදර්ශණය කළේය.

ඔවුන්ගේ 'Exercise Lending Hand'  වන නිදර්ශනය ඉදිරිපත් කරන ලද්දේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාධිපති සහ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් ඉදිරියේ ය.

අභ්‍යාසය මගිනි බොහෝ දුරට අවධානය යොමු කළේ ආපදා ප්‍රතිචාර පිළිබඳ මූලධර්ම, න්‍යායන් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ කළමනාකරණය කෙරෙහි ය.

ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් කොත්මලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය මගින් මේ වනවිට නිලධාරීන් 77 දෙනෙකු සහ සෙසුනිලයින් 1221 දෙනෙකු පුහුණු කර ඇත. ඊට අමතරව නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසියේ සාමාජිකයින් මෙන්ම විශේෂ කාර්ය බළකාය, විශ්ව විද්‍යාල උපාධි අපේක්‍ෂකයින් සහ ශාස්ත්‍රපති උපාධිය හදාරණ සිසුන් විශාල පිරිසක්ද මෙම පුහුණුව හදාරා ඇත.

ආපදා කළමනාකරණ පුහුණු පාඨමාලාව සැලසුම් කර ඇත්තේ, ආපදා අවස්ථාවන්හිදී කඳවුරු කළමනාකරණ පද්ධති පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන් පිළිබඳ දැනුම ලබාදෙන අතරම, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, ජල ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සීමාන්විත මුදවා ගැනිමේ මෙහෙයුම් සඳහා වේ.

මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රියාන්විත, අධ්‍යක්‍ෂ පුහුණු, ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම), සේනාංකාධිපති 58 සේනාංකය, යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන්, සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය, නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.