ඊයේ දිනට (23) PCR පරීක්‍ෂණ 10,679 ක්

නොවැම්බර් 24, 2020

අද උදෑසන (නොවැ. 24) තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 337 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,507 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවත් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 189 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 47 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11 ක් බැගින් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16,974 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 10,691 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

සඳුදා (23) PCR පරීක්‍ෂණ 10,679 ක් සිදුකළ බව NOCPCO පවසයි.

පසුගිය පැය 24 තුළ රෝගීන් 3 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති අතර, එම පුද්ගලයින් හෙයියන්තුඩුව,කොළඹ 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් වාර්ථා වේ.

මේ අතර, දෝහා, කටාර් හා  අබුඩාබි සිට පුද්ගලයින් 188 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

අද වන විට ත්‍රිවිධ හමුදා මගින් කළමණාකරනය වන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 4,490 ක් හුදෙකලා කර ඇති බව වාර්ථාවේ.

වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇත.