නීතිවිරෝධී කහ කිලෝග්‍රෑම් 330 ක් යුද හමුදා භටයන්ගේ අත්අඩංගුවට

නොවැම්බර් 24, 2020

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පේසාලේ සිට උප්පුකුලම් දක්වා ප්‍රවාහනය කළ කහ කිලෝග්‍රෑම් 330 ක් සමඟ සැකකරුවෙකු හා වාහනයක් අත්අඩංගුවට ගෙන ඇත.

බුද්ධි තොරතුරු අනුව මෙම රුපියල් මිලියන 1.2 ක් පමණ වටිනා කහ තොගය ඉරිදා (නොවැ. 22) තාරපුරම් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්‍ෂණ සඳහා සැකකරු සහ වාහනය යන දෙකම පොලිසියට භාරදී තිබේ.