ඊයේ දිනට (24) PCR පරීක්‍ෂණ 7,467 ක්

නොවැම්බර් 25, 2020

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 458 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,967 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 259 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 23 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 78  ක් වශයෙන් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,432 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 11,156 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

අඟහරුවාදා PCR පරීක්‍ෂණ 7,467 ක් සිදුකළ බව NOCPCO පවසයි.

පසුගිය පැය 24 තුළ රෝගීන් 4 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වන  අතර, එම පුද්ගලයින් ගිනිගත්හේන, සියඹලාපේ දකුණ, බණ්ඩාරගම සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් වේ.

මේ අතර, දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක්, ඩුබායි සිට පුද්ගලයින් 50 ක්, ඉන්දියාවෙන් පුද්ගලයින් 92 ක් සහ මාලදිවයිනේ පුද්ගලයින් 53 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

අද වන විට ත්‍රිවිධ හමුදා මගින් කළමණාකරනය වන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 4,797 ක් හුදෙකලා කර ඇති බව වාර්ථාවේ.

වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් ඇත.