රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දේ

නොවැම්බර් 26, 2020

රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (නොවැ. 26)  දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය අලුතින් ගැසට් කරන ලද අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත.

මේ අතර, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව අමාත්‍යාංශ දෙකක් (මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය) නොවැම්බර් 20 වන දින ගැසට් කරන ලදී.