පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 410 ක්

නොවැම්බර් 29, 2020

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 487 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,988 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

හඳුනාගත් සියලුදෙනාම දේශීය ආසාදිතයින් වන අතර ඉන් 223ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 78 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද  15  ක් මහනුවර  දිස්ත්‍රික්කයෙන් ද වේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19,447 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13,223 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (28) PCR පරීක්‍ෂණ 11,936 ක් සිදුකර ඇති අතර අද (29)  උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 430 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර කටාර්හි  සිට පුද්ගලයින් 45 ක් සහ  මාලදිවයිනේ  සිට පුද්ගලයින් 69 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 04 දෙනෙකු,  ඉන්දියාවේ සිට 04 දෙනෙකු ඇතුළුව 414 දෙනෙකු  අද උදෑසන මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53 ක පුද්ගලයින් 5,279 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා  මරණ 02 සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.