කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් මුළු ගණන 13,594 ක් දක්වා ඉහළට

නොවැම්බර් 30, 2020

අද (30) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 496 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,483 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

හඳුනාගත් සියලුදෙනාම දේශීය ආසාදිතයින් වන අතර ඉන් 167 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 56  ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද  53  ක් පුත්තලම  දිස්ත්‍රික්කයෙන් ද වේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19,942 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13,594 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (29) PCR පරීක්‍ෂණ 13,065 ක් සිදුකර ඇති අතර අද (30)  උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 346 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර,කටාර්හි  සිට පුද්ගලයින් 21 ක්, කොරියාවේ සිට පුද්ගලයින් 275 දෙනෙකු, ජපානයේ සිට 53 දෙනෙකු සහ ඉන්දියාවේ සිට එක් අයෙකුද ඇතුළුව 353 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් මුළු ගණන 13,594 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 54 ක පුද්ගලයින් 6366 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 07 සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් තිබේ.