මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සාවරියපුරම් හිදී නාවික හමුදා භාරයට

නොවැම්බර් 30, 2020

නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක්   නොවැම්බර් මස 29 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාවේ වයඹ නාවික විධානයේ මූලිකත්වයෙන් යුත් මෙහෙයුම මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාව හඳුනාගෙන තිබේ.
ඒ අනුව ට්‍රැම‍ඩෝල්‍‍ හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධ පෙති  11750 ක්, දුම්වැටි එතීම සඳහා භාවිතා කරණු ලබන කොල අඩංගු පෙට්ටි 944 ක් , ජංගම දුරකථන දෙකක් , ශ්‍රවණ උපාංගයක්  අත්අඩංගුවට ගෙන ඇත.
 
ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්  සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.
 
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වන  සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකරුවන් දෙදෙනා වයස 21ක් වන සිලාවතුර සාවරියපුරම් පුදේශයේ පදිංචිකරුවන් වේ. එම සැකකරුවන්, නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පරයානකුලම් පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත භාරදීමට කටයුතු කර ඇත.