යුද හමුදාව විසින් අක්කර 30 ක පොල් පැළ සිටුවයි

දෙසැම්බර් 07, 2020

‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව කුට්ටිගල හමුදා කඳවුර තුළ අක්කර 30 ක භූමි භාගයක පොල් පැළ සිටුවීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලදී.

කුට්ටිගල 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ පිහිටි ගොවිපලෙහි අක්කර 30 කින් යුත් භූමි ප්‍රමාණයක යුද්ධ හමුදා භටපිරිස් විසින් නොවැම්බර් මස 25 දින පොල් පැල සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

කුට්ටිගල 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ පිහිටි ගොවිපලෙහි භට පිරිස් එහි  සමාරම්භක උත්සවයට  එක්වූ අතර ලුතිනන් කර්නල් සී.එස් දේමුණි ගේ මගපෙන්වීම මත වැඩසටහන ක්‍රියාත්මක වේ.

සමාරම්භක ව්‍යාපෘතියට ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධාරීන් සහ ගොවිපලෙහි අනෙකුත් නිලයන් සහභාගී වූහ.