පිලිපීන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 09, 2022

පිලිපීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රොලන්ඩෝ පී ගෝමස් (Rolando P Gomez) අද (දෙසැම්බර් 09) බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

කර්නල් ගෝමස් වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ඔහු සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී ආරක්‍ෂක සබඳතා වැඩිදියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්විකව වැදගත් කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජෙනරල් ගුණරත්න සහ කර්නල් ගෝමස් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.