රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ‘සේවා අභිනන්දන’ ප්‍රණාම සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රදානත්වයෙන්

දෙසැම්බර් 09, 2022

සීමාසහිත රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ‘සේවා අභිනන්දන’ ප්‍රණාම සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රදානත්වයෙන් අද (දෙසැම්බර් 09) බත්තරමුල්ල සුහුරුපායෙදී පැවැත්විණි.

සීමාසහිත රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරල් පී. චන්ද්‍රවංශගේ සංකල්පයක් අනුව, එහි දශකයක් පුරා සේවය කළ සාමාජිකයින් 117 දෙනෙකුට මෙහිදී ‘සේවා අභිනන්දන’ ප්‍රණාම සහතික පිරිනැමිණි.

උත්සව සභාව අමතමින් රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ශ්‍රම බලකාය විසින් සපයනු ලබන අමිල සේවාවන් ඇගයීමට ලක් කළ ජෙනරල් ගුණරත්න, "ඔබගේ සේවය අවධානයට ලක් නොවූවත් එය විශිෂ්ඨ වෘත්තියක්" යැයි පැවසීය.

සීමාසහිත රක්නා ආරක්‍ෂක ලංකා සමාගම ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ප්‍රමුඛතම ආරක්‍ෂක සේවා සපයන ආයතනයකි.

එහි සේවාවන් ලෙස, භූමි මෙහෙයුම්, සමුද්‍රීය මෙහෙයුම්, වාණිජ සහ කාර්මික පුහුණු ඇකඩමිය, ආහාර සැපයීම, විශේෂ කුසලතා සේවා ඒකකය සහ සයිබර් ආරක්‍ෂණ සහ නිරීක්‍ෂණ සේවාව වැනි අංශ හයකින් සමන්විත වේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන අතිරේක ලේකම් සමන් දිසානායක ඇතුළු රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි වූහ.