ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 13, 2022

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් අද (දෙසැම්බර් 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි නාවික හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්‍ෂාව හා සබැඳි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳව නාවික හමුදා ප්‍රධානී සහ ආරක්‍ෂක ලේකම් අදහස් හුවමාරු කර ගත්හ.

මෙම හමුවෙන් අනතුරුව, නාවික හමුදා ප්‍රධානී සහ ආරක්‍ෂක ලේකම් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ අතර, ඉන්දීය නාවික හමුදා ප්‍රධානීගේ ආරක්‍ෂක අමාත්‍යාංශ සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදා ප්‍රධානී විසින් අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තබන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගි විය.