වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කෙරේ

දෙසැම්බර් 18, 2022

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදා සේනාධිනායක වශයෙන් ඇති බලතල ප්‍රකාරව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදී.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර වසර 37කට අධික සාර්ථක වෘත්තීය ජීවිතයක් නිමා කරමින් අද (18) සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.