නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත්වේ

දෙසැම්බර් 18, 2022

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපතිවරයා ලෙස අද (18) පත් කර තිබේ.

මෙම පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ඔහු නාවික හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විශ්‍රාම යාමෙන් පසුවය.