කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව මූලස්ථාන ගොඩනැගිල්ල
ආරක්‍ෂක ලේකම්ගේ සුරතින් විවෘත කෙරේ

දෙසැම්බර් 19, 2022

යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අද (දෙසැම්බර් 19) විවෘත කරන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජෙනරල් ගුණරත්න අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දී කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කමල් ධර්මවර්ධන බෝධිමළුව විසින් පිළිගන්නා ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා සම්ප්‍රදායික පිළිගැනීමේ පෙරහැරකින් ‘මඟුල් බෙර’ කණ්ඩායමක් විසින් නව ගොඩනැගිල්ල වෙත කැටුව යන ලදි.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජෙනරල් ගුණරත්න විසින් නව ගොඩනැගිල්ල විවෘත කරන ලදි.

ඉන් අනතුරුව, ජෙනරල් ගුණරත්න නව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඔහු සිය සංචාරය සනිටුහන් කරමින් රෙජිමේන්තු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාව අතරතුර ආරක්‍ෂක ලේකම් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.