ශ්‍රී ලංකා - ඉන්දීය ප්‍රවීණයන්ගේ විවෘත මළල ක්‍රීඩා උළෙලේ දී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ක්‍රීඩක දස්කම්

දෙසැම්බර් 19, 2022

2022 දෙසැම්බර් මස 09 සහ 10 දෙදින  ඉන්දියාවේ උඩුපි නගරයේ පැවති ශ්‍රී ලංකා - ඉන්දීය ප්‍රවීණයන්ගේ විවෘත මළල ක්‍රීඩා උළෙල සඳහා  ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වූහ.

කටුනායක බලකායේ ඩබ්ජේඑම්පී කුමාරි, අනුරාධපුර බලකායේ ඒඑන්කේ මල්ලිකා සහ වෙන්නවත්ත බලකායේ පීකේජී රාජරත්න මෙම ක්‍රීඩා උළෙල ට සහභාගී වූ අතර එහිදී රන් පදක්කම් 14 ක් සහ රිදී පදක්කම් 3 දිනා ගැනීමට ඔවුන් සමත් විය.  

නිසි පරිදි පුහුණුවීම් කටයුතු සිදුකරමින් ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගීවීමට සුදුසුකම් ලබාගෙන ඉන්දීය ප්‍රවීණයන්ගේ විවෘත මළල ක්‍රීඩා උළෙලේ දී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ඔප්නැන්වීම උදෙසා විශිෂ්ඨ ලෙස තම දක්‍ෂතාවයන් පෙන්නුම් කරමින් ජයග්‍රහණ ලබා ගත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ විසින් 2022 දෙසැම්බර් මස 19 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී.