නව නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 19, 2022

අභිනවයෙන් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (දෙසැම්බර් 19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම් විසින් වයිස් අද්මිරාල් පෙරේරාගේ නව පත්වීම පිළිබඳව සිය සුභ පැතුම්  පිරිනැමීය.
   
මෙම අවස්ථාව සනිටුවන් කරමින් ආරක්ෂක ලේකම් සහ නව නාවික හමුදාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින්, 25 වැනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් පෙරේරා ඊයේ (දෙසැ. 18) දින පත් කරන ලදි.