මහනුවර නිවසක හටගත් ගින්නක් යුද හමුදා සෙබළුන් මැඩපවත්වයි

දෙසැම්බර් 20, 2022

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ 111 බලසේනාවේ යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා මහනුවර ශ්‍රී සංඝරාජ මාවතේ තෙමහල් නිවසක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

ගින්න මැඩපැවැත්වීම සඳහා 2 වන සිංහ රෙජිමේන්තු භට පිරිස්, 10 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සහ මහනුවර පොලිසියේ ජීවිතාරක්‍ෂක නිලධාරින් එක්ව සිටි බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.