එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල
නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 22, 2022

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියානු පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂ ඉන්ද්‍රික රත්වත්තේ ප්‍රමුඛ නියෝජිත පිරිසක් අද (දෙසැම්බර් 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ආරක්‍ෂක ලේකම් මෙම නියෝජිත පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවේදී රත්වත්තේ මහතා විසින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

මෙම දූත පිරිසට මැණික් අමරසිංහ (ජාතික කාර්යාලයේ ප්‍රධානී) සහ සංජිතා සත්‍යමූර්ති ද ඇතුළත් විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්ගේ යුද සේවා සහයක කර්නල් රසික ගුණසේන ද සහභාගී විය.