කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස ජෙනරාල් කෝට්ටේගොඩ පත් කෙරේ

දෙසැම්බර් 23, 2022

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ජෙනරල් එස්.එච්.එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) පත් කර ඇත.

1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ 7 බී (1) වගන්තිය (සංශෝධිත) ප්‍රකාරව ගරු ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ජෙනරල් කෝට්ටේගොඩ වසර පහක කාලයක් සඳහා කුලපතිවරයා ලෙස පත් කර තිබේ.