අවහිර වූ ගම්පොළ හෙම්මාතගම මාර්ගය යුද හමුදාව විසින්
යථා තත්ත්වයට පත් කරයි

දෙසැම්බර් 27, 2022

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පොල සහ හෙම්මාතගම මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් පසුගිය ඉරිදා (දෙසැ 25) සවස එහි ගමනාගමනයට බාධා ඇතිවිය.

යුද හමුදාවේ 58 වන සේනාංකය යටතේ ඇති 581 බලසේනාවේ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් මාර්ගයට වැටී තිබූ ගල් සහ පස් ඉවත් කර එහි ගමනාගමන සාමාන්‍ය තත්ත්වයට පත් කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.