රුධිර සංචිත නංවාලීම සඳහා හමුදා නිලධාරින් රුධිරය පරිත්‍යාග කරයි

දෙසැම්බර් 28, 2022

ශ්‍රී ලංකා නාවික හමුදා 72 වන සංවත්සරයට සමගාමීව ඊයේ (දෙසැ 27) වැලිසර නාවික හමුදා මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

බස්නාහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මෙම උදාර කටයුත්ත සඳහා දායක වූ බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් පසුගියදා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ක්‍ෂේත්‍ර රෝහලේ පැවති වැඩසටහනකදී වවුනියාව දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදි.

යුද හමුදාවේ සාමාජිකයින් 100ක් පමණ මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා දායක වූ බව ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.