හමුදා පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව

දෙසැම්බර් 29, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් උසස් පෙළ විභාගයෙන් දක්‍ෂතා දැක්වූ යුද හමුදා සාමාජිකයින්ගේ දූ දරුවන් පිරිසකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා යුද හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම දරුවන්ගේ උසස් අධ්‍යාපනයට උපකාර කිරීමේ අරමුණින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ ඩයලොග් ආසියාටා ආයතනයේ අනුග්‍රහය ඇතුව යුද හමුදා සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වසරක කාලයක් සඳහා රු.120,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව 8 ක් ප්‍රදානය කරන ලද අතර ස්මාර්ට් ජංගම දුරකථන ලබාදීම සඳහා සිසුන් 23 දෙනෙකු තෝරාගෙන ඇත.

මීට අමතරව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පසුගියදා (දෙසැම්බර් 27) ජාතික වෘත්තීය සුදුසුකම් 4 සහ 3 මට්ටමේ පාඨමාලා සාර්ථකව නිම කළ යුද හමුදා සාමාජිකයින් පිරිසක් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම හේකිත්ත රණවිරු සම්පත් කේන්ද්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ.ඒ ලලිතදීර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.