අභිනවයෙන් පත් නාවික හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවේ

දෙසැම්බර් 30, 2022

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (දෙසැම්බර් 30) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපති සුහද කතාබහක නිරත විය.
 
රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්, වයිස් අද්මිරාල් පෙරේරා වෙත ඔහුගේ නව තනතුරේ ඉදිරි කටයුතු සඳහා සිය සුබ පැතුම් එක් කළේය.
 
මෙම අවස්ථාව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
 
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 25 වැනි නාවික හමුදාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වසරේ දෙසැම්බර් 18 වැනි දින පත් කරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානආරච්චි මහතා ද සහභාගී විය.