ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදැක්වේ

ජනවාරී 02, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය වන “ https://disastermin.gov.lk” ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 02) කොළඹ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී එළිදැක්විය.

වෙබ් අඩවිය එළිදැක්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සමඟ සුහද කතාබහක නිරත විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඒ.කේ. කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.