මාතලේ දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ජංගම වැඩසටහනක්

ජනවාරී 11, 2023

2023 වර්ෂය සදහා රණවිරු සේවා අධිකාරියේ සේවාලාභීන් ව්‍යාප්තව සිටින පළාත් 8ක රණවිරු සංසද 268ක් ආවරණය කරමින් සිදු කෙරෙන රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  ජනවාරි 10 දින පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි වු අතර ඵහිදී මෙම සාමාජිකයන් සඳහා ක්‍රීඩා උපකරණ සහ ආබාධිත සහයක උපකරණ බෙදා දීමක් ද සිදුවිය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

තවද මෙහි දෙවන වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජිතයින් සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (ජනවාරි 11) දින පවත්වන ලදී.

පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් ඩී. එස් මුතුමාලී මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වෙමින් රණවිරු ප්‍රජාව උදෙසා කෙටි දේශනයක් පවත්වන ලද අතර ආබාධිත රණවිරුවන් සඳහ ආබාධිත සහායක උපකරණ බෙදා දීමක් ද මෙහි දී සිදු කල බව රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේය.